රූ රැජිණ කිරුළ දිනූ තරුණිය ගොඩනැගිල්ලෙන් ඇද වැටී මිය යාමට පෙර තැබූ සංවේදී සටහන.(PHOTOS)

Accident American Chesli kraits
By Aruna Feb 01, 2022 02:49 AM GMT
Aruna

Aruna

Report

රූ රැජිණ කිරුළ දිනූ 30 හැවිරිදි චෙස්ලි ක්‍රයිස්ට් නිව්යෝක් නුවර මහල් 60කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.

ඇය 2019 වර්ශයේ ඇමරිකානු රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වුණා.

නීතිඥවරියක සහ රූපවාහිනී නිවේදිකාවක ලෙස ද කටයුතු කළ ඇය එම ගොඩනැගිල්ලේ 9 වන මහලේ ජීවත් වූ අතර පෙරේදා උදෑසන මෙලෙස ඉන් ඇද වැටී මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඇය ගොඩනැගිල්ලේ ඉහළ මහලකින් පැන දිවි හානි කරගෙන ඇති බවටයි නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව සැක පළ කරන්නේ.

කෙසේ නමුත්, ඒ පිළිබදව විමර්ශනයක් සිදුකරන බව සඳහන්. පෝලන්ත සම්භවයක් සහිත පියෙකුට සහ කළු ඇමරිකානු මවකට දාව මිචිගන් හි උපත ලද චෙස්ලි ක්‍රයිස්ට් ශාස්ත්‍රපති උපාධිධාරිනියක්.

මිය යාමට දිනකට පෙර ඇය සිය සමාජ මාධ්‍ය වෙබ් පිටුවක තමාගේ අලංකාර සේයාරුවක් සහිතව සඳහන් කර තිබුණේ, "මේ දිනය විවේකය සහ සාමය ගෙන එනු ඇති බවයි".

කෙසේවෙතත් මේ පිළිබඳව ඇයට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිස් සංවේගයට පත්වතිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery