අද සිට රට පුරා කරන්න යන දේ මෙන්න..රටටම සුබ ආරංචියක්..!!
ඉන්දීය රජය විසින් ලබාදී තිබෙන යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු අද(12) පෙරවරුවේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
කොළඹ වරායෙන් පොහොර ගොඩබෑමේ කටයුතු පැය 24 පුරාම සිදු කෙරෙන බවත් දින 10ක් ඇතුළත ගොඩබෑමේ කටයුතු අවසන් කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
පොහොර බෙදාහැරිම් බාරව සිටින ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් එම පොහොර තොගය දිවයින පුරා බෙදාහැරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අරඹා ඇතැයි ද ගොවීන්ට පොහොර බෙදාහැරිමේ කටයුතු විධිමත්ව සිදුවන්නේ ද යන්න කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පූර්ණ අධික්ෂණය මත සිදු කෙරෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික රසායනාගාර තුනකින් රසායනික වාර්තා ලැබී ඇතැයි ද එම වාර්තා තුනෙන්ම පොහොර වල අඩංගු බයියුරේට් ප්‍රතිශතය 1%ට වඩා අඩු බව තහවුරු කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඊට අමතරව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් ද අදාල පොහොර සම්බන්ධයෙන් ප්‍රමිති සහතිකය ලබා ගැනීම සඳහා පියවර ගෙන තිබෙන බවත් එම සහතිකය ලැබීමෙන් අනතුරුව පොහොර බෙදා හැරිම් කටයුතු ආරම්භ කෙරෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
යූරියා පෙහොර ප්‍රවාහනයේදී යම් අක්‍රමිතතාවන් සිදුවීමට ඉඩ ඇති බැවින් එය වළක්වා ගැනීම සඳහා සියලු නිලධාරීන් අවධානයෙන් කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන ලොරි රථ GPS තාක්ෂණය උපයෝගී කර ගනිමින් ද නිරීක්ෂණය කෙරෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |