ඖෂධ නිවැරදිද? දැන් ජංගම යෙදවුමකින් පරීක්ෂා කරන්න

Report

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය (SLADA) පවසන පරිදි, ඕනෑම ඖෂධයක් පරීක්ෂා කර ගත හැකි SLADA දුරකථන යෙදුම නුදුරේදී එළිදැක්වීමට සැලසුම් කර ඇත.

මෙම යෙදුම හරහා තහනම් ඖෂධ සහ භාවිතයට ආරක්ෂිත ඖෂධ පිළිබඳ තොරතුරු සරලව ලබා ගත හැකිය.

මෙම යෙදුම එළිදැක්වීමේ උත්සවය අද (28) SLADA හිදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා සිංහල මාධ්‍ය ජාත්‍යන්තර ඔන්ලයින් පාඨමාලාවක් ද එළිදැක්විණි. පිරිසිදු ක්‍රීඩාව පිළිබඳ මෙම පාඨමාලාව SLADA විසින් සංවිධානය කරනු ලබන අතර, එය සම්පූර්ණ කරන ලද පුද්ගලයින්ට පිළිගත් සහතිකපත්‍රයක් හිමි වේ.

මත්ද්‍රව්‍ය පාසල් තුළට? - ආරක්ෂක අමාත්‍යාංශය දැඩිව ක්‍රියාත්මක වෙයි

මත්ද්‍රව්‍ය පාසල් තුළට? - ආරක්ෂක අමාත්‍යාංශය දැඩිව ක්‍රියාත්මක වෙයි

ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් සිසුන් ඇතුළු ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සහභාගී විය හැකි බව ආයතනය පවසයි.

මෙම අවස්ථාවට එක්වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ, රජය තහනම් උත්තේජක භාවිතය අවම කිරීමට මැදිහත්ව සිටින බවයි. පාසල් සිසුන්ට මේ පිළිබඳ අවබෝධය ලබාදීමට වැඩසටහනක් සැලසුම් කර ඇති බවත්, එමඟින් පිරිසිදු ක්‍රීඩාවක් ගොඩනැඟිය හැකි බවත් ඔහු පැවසීය.

උත්සවයට ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ, SLADA සභාපති ලලීෂ කහටපිටිය, සහ SLADA අධ්‍යක්ෂ ජනරාල් ශිරෝමි පිලපිටිය යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ. 

පොල්තෙල් සඳහා නියමිත ප්‍රමිතියක්

පොල්තෙල් සඳහා නියමිත ප්‍රමිතියක්

ළමුන්ගේ අපයෝජන අන්තර්ගත නිර්මාණය - AI භාවිතයට නව නීති පැනවීමට සූදානමක්

ළමුන්ගේ අපයෝජන අන්තර්ගත නිර්මාණය - AI භාවිතයට නව නීති පැනවීමට සූදානමක්