ළමුන්ගේ අපයෝජන අන්තර්ගත නිර්මාණය - AI භාවිතයට නව නීති පැනවීමට සූදානමක්

Report

ළමුන්ගේ ලිංගික අපයෝජන අන්තර්ගතයන් නිර්මාණය කිරීමට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කිරීම අපරාධයක් ලෙස සැලකීමට නව පනත් කෙටුම්පතක් ඔස්ට්‍රේලියාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ස්වාධීන මන්ත්‍රී Kate Chaney මහත්මිය විසින් ඉදිරිපත් කරන මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇය පවසන්නේ, AI හි අනිසි භාවිතයට රජයේ පුළුල් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් බලා සිටීමට නොහැකි බවයි.

ඇය පෙන්වා දෙන්නේ, ළමුන්ගේ ලිංගික අපයෝජන අන්තර්ගතයන් තබා ගැනීම හෝ බෙදා හැරීම දැනටමත් අපරාධයක් වුවත්, AI මගින් එවැනි අන්තර්ගතයන් නිර්මාණය කිරීම, බාගත කිරීම හෝ බෙදා හැරීම නීතිවිරෝධී නොවන බවයි. AI මෙවලම් බිලියන ගණනක පරිශීලකයන්ට පහසුවෙන් ලබාගත හැකිවීම මෙම ගැටලුව උග්‍ර කරන බවත් ඇය සඳහන් කරයි.

"දේශපාලන පලිගැනීම් වෙනවා - අධිකරණයෙන් ඔප්පු වෙන්න කලින් වරදකරුවන් ලෙස තීරණය කිරීම වැරදියි" - මහින්ද රාජපක්ෂ

"දේශපාලන පලිගැනීම් වෙනවා - අධිකරණයෙන් ඔප්පු වෙන්න කලින් වරදකරුවන් ලෙස තීරණය කිරීම වැරදියි" - මහින්ද රාජපක්ෂ

මෙම AI භාවිතයෙන් සිදුකරන අපයෝජන බොහෝවිට Offline සිදුවන නිසා, පොලිසියට ඒවා හඳුනා ගැනීම අභියෝගාත්මක බවත් ඇය පවසයි.

පනත් කෙටුම්පතට අනුව, ළමුන්ගේ ලිංගික අපයෝජන අන්තර්ගතයන් නිර්මාණය කිරීමට AI මෙවලම් බාගත කිරීම, ලබාදීම හෝ පහසුකම් සැලසීම නව අපරාධයක් ලෙස සලකනු ඇත. එසේම, මෙවැනි AI මෙවලම් වැඩිදියුණු කිරීමට හෝ නිර්මාණය කිරීමට දත්ත එකතු කිරීම ද අපරාධයක් ලෙස සැලකේ.

මෙම වරද සඳහා වසර 15ක සිරදඬුවමක් ලබාදිය හැකි බවත්, මෙම පනත් කෙටුම්පතේ සඳහන් වේ. 

එයා එහෙම නෑ, නාමල්ව ජනාධිපති කරලා හෝදලා කරලා අර්ජුනා ගෙට ගත්තා විතරයි බේබි වැඩ පෙන්නලා

එයා එහෙම නෑ, නාමල්ව ජනාධිපති කරලා හෝදලා කරලා අර්ජුනා ගෙට ගත්තා විතරයි බේබි වැඩ පෙන්නලා

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි