පොල්තෙල් සඳහා නියමිත ප්‍රමිතියක්

Report

නියමිත ලෙස ඇසුරුම් කරන ලද පොල් තෙල් පමණක් අලෙවිය සඳහා ඉදිරියේදී අවසර ලබාදිමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ වෙළෙඳපොළේ පවතින ඇසුරුම් නොකරන ලද පොල්තෙල් සඳහා වෙනත් ද්‍රව්‍ය කලවම් කර අලෙවිකරන බවට තම අධිකාරියට ලද පැමිණිලිවලට අදාළව සිදුකළ සාම්පල පරීක්ෂා ඔස්සේ කළ තහවුරු කිරීම්වලට අනුවය.

වෙළෙඳපොළේ පවතින ඇසුරුම් නොකරන ලද පොල්තෙල් අලෙවි කිරීමේදී වෙනත් ද්‍රව්‍යයන් කලවම් කර අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරකට අනුව දිවයින පුරා තෝරාගත් වෙළෙඳසැල් සහ නිෂ්පාදනායතන 75ක් පමණ පසුගියදා පරීක්ෂාවට ලක්කර තිබුණි.

බිත්තර මිල පහළට

බිත්තර මිල පහළට

එහිදී ලබාගත් සාම්පල පරීක්ෂාවේදී සාම්පල 22ක පමණ එලෙස අලෙවිය සඳහා වෙනත් ද්‍රව්‍ය කලවම් කර පොල් තෙල් අලෙවිකිරීමට සූදානම් කර තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබුණි.

පොල් සංවර්ධන මණ්ඩලය සහ පාරිභෝගික අධිකාරිය සැලසුම්කර ඇත්තේ ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් පාරිභෝගිකයා වෙත ලබාදීම සඳහා ඇසුරුම්කළ පොල් තෙල් පමණක් අලෙවි කිරීමටයි.

පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළේ ඉදිරියේදී ඇසුරුම් කරන ලද පොල් තෙල් හැර වෙනත් කිසිඳු අයුරකින් පොල් තෙල් අලෙවිය තහනම් වන අතර එලෙස පොල් තෙල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය. 

එයා එහෙම නෑ, නාමල්ව ජනාධිපති කරලා හෝදලා කරලා අර්ජුනා ගෙට ගත්තා විතරයි බේබි වැඩ පෙන්නලා

එයා එහෙම නෑ, නාමල්ව ජනාධිපති කරලා හෝදලා කරලා අර්ජුනා ගෙට ගත්තා විතරයි බේබි වැඩ පෙන්නලා