පෝලිමක් එනකම් බලාගෙන හිටපු මන්ත්‍රීවරු ඉන්නවා, ඒවා නැතුව බලය ගන්න බෑ කියලා දන්නවා නියෝජ්‍ය ඇමති චතුරංගගෙන් චෝදනා
ජනතාව ඉතාමත් බුද්ධිමත් දේශපාලන තීරණයක් ගත් බවත් නමුත් මාධ්‍ය භාවිතා කර වොයිස් කට් ගත්තට ජනතාවගේ මතය වෙනස් කරන්න නොහැකි බවත් ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සදහන් කර තිබේ.
මේ සම්බන්ධව එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
''ජනාධිපති තුමා අපේ රට මොනවගේ තත්වෙකද තියෙන්නේ කියලා ඉතාමත් හොද විද්‍යාත්ම පැහැදිළි කිරීමක් කළා. නමුත් විපක්ෂ නායක තුමා අවිද්‍යාත්මකව නැවතත් අර පුරුදු කතාවම සිද්ධ කලා .අපි ජාතික ජන බලවේගය ආර්ථිකය නිර්මාණය කරද්දිම දාගත්තේ තේමාවම වුණේ ලෝකයේ වෙනස්වීම් වලට අනුගතව.
මේ තියන වෙනස්වීම් අපිට පාලනය කරන්න බැරි වුණත් වෙනස්වීම් එක්ක රටක් කොහොමද ඉස්සරහට ශක්තිමත්ව ගෙනියන්න තමයි ජාතික ජන බලවේගය මැදිහත් වුණේ .දශක ගානක් මේ ඉදිරි පෙළ නැති මන්ත්‍රීවරු ඇත්තටම ප්‍ර ධාන ආර්ථිකයක පදනම් තුනක් වන ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව ,මූල්‍ය ස්ථාවරත්වය යන කිසි දෙයක් සුරක්ෂිත කරන්න කටයුතු කරලා නෑ.
විපක්ෂ නායක තුමා සාවද්‍ය ප්‍රකාශ කළා එතුමා කිව්වා 2028 වෙද්දී බිලියන 3.5 ක් ගෙවන්න තියනවා ඒක අපිට කරන්න බැහැ කියලා . ඒක අමූලික අසත්‍යක් අපට ගෙවන්න පුළුවන්. විදේශ ආයෝජන ජන වැඩිවෙලා .සම්ප්‍රේෂණ වැඩි වෙලා.
විපක්ෂ නායකවරයා ආපු දවසේ ඉදලා හිතුවේ පෝලිම් වැඩි වෙලා රට බංකොලොත් වෙන්න කියලා . මෙතන ඉන්නව කීප දෙනෙක් පෝලිමක් හැදෙනකම් බලාගෙන හිටියේ . මේ පෝලිම් ආර්ථික විචල්‍යතා නැතුව බලය ගන්න බෑ කියලා දන්නවා . දේශපාලනය කරන්න විදිහකුත් නෑ අපිට වඩා හොද වෙන්න ද . වංචා දූෂනය නෑ කියන්නද .දැන් බලන් ඉන්නවා පෝලිමක් එනකම් . නමුත් ඒක ඵලදායී නෑ. ''