ඇපල් පාරිභෝගිකයන්ට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - බලන්නකෝ මොකක්ද කරන්න යන්නෙ කියලා..

Report

අමෙරිකානු ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට කටයුතු කරමින් සිටියි.

ඇපල් පාරිභෝගිකයන්ට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - බලන්නකෝ මොකක්ද කරන්න යන්නෙ කියලා.. | Chatgpt Is Coming To Apple Phones

ඒ AI තාක්ෂණයේ පෙරමුණ ගැනීමට ප්‍රධාන පෙළේ තාක්ෂණ සමාගම් අතර තියුණු තරගයක් ඇති වී තිබෙන මොහොතකයි.

ඒ අනුව ඇපල් සමාගමේ මීළඟ අයිෆෝන් නිෂ්පාදනය AI නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන් සන්නද්ධ කෙරෙන බව ඊයේ (10) පැවති ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේ දී (Developers Conferance) සඳහන් විය.

විශේෂයෙන් Open AI සමාගමේ ජනප්‍රිය Chat GPT කෘත්‍රිම බුද්ධි යෙදුම අයිෆෝන්වලට අන්තර්ගත කෙරෙයි.

එමෙන්ම හඬ මගින් අන්තර්ක්‍රියා කළ හැකි "සිරි" (Siri) යෙදුම මගින් ඇපල් දුරකථනවලට කෙටි පණිඩුව, ඊමේල් සහ තුන්වැනි පාර්ශ්වයක යෙදුම්වලටද ප්‍රතිචාර දැක්විය හැකිය.

ඒ බව ඇපල් ප්‍රධාන විධායක ටිම් කුක් පැවසීය.

එම "සිරි" Al යෙදුම මගින් ඔබ වෙනුවෙන් ඊමේල් ලිවීමටත් අවස්ථාවට සරිලන අන්දමේ හඬින් පණිවුඩ යැවීමට සමත් වෙයි.

ඉක්මනට සුදු වෙන්න මේ ආලේපන ඔයත් භාවිතා කළා ද?. සිරුරේ වෙන නොහිතපු දෙය..

ඉක්මනට සුදු වෙන්න මේ ආලේපන ඔයත් භාවිතා කළා ද?. සිරුරේ වෙන නොහිතපු දෙය..


මේ වසර අඅවසානයේ දී ජනප්‍රිය Chat GPT AI යෙදුම ඇපල් අයිෆෝන්වලට අන්තර්ගත කරනු ඇත.

කෙසේ වෙතත්, මෙලෙස ඇපල් සමාගම AI තාක්ෂණය පිළිබඳ අවධානය යොමු කරන විට අයිෆෝන් අලෙවියේ වර්ධනයක් අපේක්ෂා කරයි.