ඉක්මනට සුදු වෙන්න මේ ආලේපන ඔයත් භාවිතා කළා ද?. සිරුරේ වෙන නොහිතපු දෙය..

Beauty Latest Headlines Decision Making
By krishani Jun 10, 2024 05:48 PM GMT
krishani

krishani

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඉක්මනට සුදු වෙන්න මේ ආලේපන ඔයත් භාවිතා කළා ද?. සිරුරේ වෙන නොහිතපු දෙය.. | Illegal Harmful Cosmetic Treatments And Cosmetics

ඒ නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණය වීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු උද්ගතවී තිබුණ ද ඊට එරෙහිව ඇති නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවයි.

සිය සමේ වර්ණය පැහැපත් කර ගැනීම සඳහා ස්ත්‍රී - පුරුෂ සහ වයස් භේදයකින් තොරව වර්තමානයේ දී විවිධ ආලේපන වර්ග භාවිත කරයි.

එය මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

රටම කතා වුණ, වැටුප් වැඩි වීම ගැන ලැබුණ සුබ ආරංචියක් මෙන්න.

රටම කතා වුණ, වැටුප් වැඩි වීම ගැන ලැබුණ සුබ ආරංචියක් මෙන්න.


සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නියාමනයෙන් තොරව නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේපන සහ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය සංකූලතා වාර්තා වීම ද ඉහළ ගොස් ඇති බව ය.

ඒ අනුව එම ආලේපන තුළ රසදිය වැනි බැර ලෝහ මෙන්ම ස්ටෙරොයිඩ ඉහළ සාන්ද්‍රණවලින් අන්තර්ගතවන බව අනාවරණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.

මොකක් වෙයි ද?. හෙට කාලගුණය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.

මොකක් වෙයි ද?. හෙට කාලගුණය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.


කෙසේ වෙතත්, වැඩිදුරටත් එම සංගමය සඳහන් කළේ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවයි.