හතරවෙනි සාමාජිකයත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි..!

Report

එස්.එම්.මරික්කාර් මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

මන්ත්‍රීවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබා ඒ ගැන දැනුම් දී තිබෙනවා.

එසේම මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට යොමුකර ඇති බවයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඉල්ලා අස්විය.