"තරුණ අවධියේදීම මගේ ආදරණීය පෙම්වතිය හදිසියේ මිය ගියා, ඒ සිදුවීම අදටත් හදවත දුකට පත් කරනවා" සංවේදී වූ චන්න පෙරේරා කියන කතාව..(PHOTOS)
සිනමාවත් රූපවාහිනියත් දෙක එක ලෙස ජයගත් ප්‍රතිභාසම්පන්න චරිතාංග නළුවෙකු ලෙසින් නිරතුරුවම ඔබේ ගෞරවනීය ආදරයට පාත්‍ර වන ඔහු තවත් විටක ප්‍රේක්ෂකයා ආදරයෙන් ඇද බැඳ තබා ගැනෙන සිනමාපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහු නමින් චන්න පෙරේරා. මේ ඔහු ගැනයි.
චිත්‍රපටයේ වැඩකටයුතු කවද වගේ ද අවසන් වෙන්නේ?
තව මාස තුන හතරකින් සියලු කටයුතු අවසන් වෙනවා..
අධ්‍යක්ෂවරයෙක් විදියට ද නළුවෙක් විදිහට ද ඔබ වඩාත් ජනප්‍රිය වෙන්නේ?
මම හිතන්නේ මම විෂයන් දෙක ඔස්සේ ම ජනප්‍රියත්වයක් ලබනවා.
ඔබට දැනෙන පරිදි ඔබ එදා මෙදා තුර වඩාත් ජනාදරයට පාත්‍ර වන්නේ ?
නාලන් මෙන්ඩිස් මහත්තයාගේ සත්පුර වැසියෝ ටෙලි වෘත්තාන්තයේ පැතුම් ගේ චරිතය හරහා බොහෝ ජනාදරයට පාත්‍ර වුනා. ඊට අමතරව මා අධ්‍යක්ෂණය කළ අංජලිකා චිත්‍රපටය හරහාත් නොසිතූවිරූ ජනප්‍රියත්වයක් මා ලබනවා.
ඒ දවස් වල ඔබට ලැබුණු අගය කිරීම කොහොමද?
ඒ ලිපි අතර යෝජනා එහෙමත් තිබුණද ?
ඔව් බොහොම ප්‍රේමණීය චරිත රඟපාන කොට බොහෝ තරුණියන් ඔවුන්ගේ සැබෑ පෙම්වතා මම වෙන හීන මවපු අවස්ථා තිබුණා. ඒ නිසා ඉතින් ඒ දවස් වල ලිපි අතර බොහෝ ආදරණීය යෝජනාත් තිබුණා .
ආදරය ගැන මොකද හිතෙන්නේ ?
කොන්දේසි විරහිතව ලබාදිය යුතු උතුම් හැඟීමක් කියලයි , මටනම් ආදරය හැඟෙන්නේ.
ඔබ හදවතට දැනුන ආදරයක් ලැබුවේ ?
සියලු මනුෂ්‍යයන්ගේ පැවැත්ම තීරණය කරන සාධකයක් නෙ ආදරය කියන්නේ .ඒ ආදරය ලැබෙන තැන්වල නතර වුණා. නොලැබෙන තැන්වලින් ඉවත් වුණා .ඒ පොදු ධර්මතාවය මටත් එක ලෙසම බලපෑවා.
අහිමි වීම් හිතට දුකක් ද ?
ම්....නැහැ මම හිතන්නේ අහිමිවීමක් නැතුව හිමිවීමක් නෑනෙ. ඒ නිසා දුක ,සතුට ,කඳුල අපේ ජීවිත වලට හැමදාම ශක්තියක් වුණා. ප්‍රශ්න ගැටලු අභියෝග වෙන කොට ජීවිතය තවත් ලස්සනට හැඩ වුණා කියලයි මට නම් හිතෙන්නේ.
ලෝකයේ වැඩිපුර ම ආදරේ කරන්නේ?
මගේ දියණියන් දෙදෙනාට. මගේ ප්‍රාණය නිරුද්ධ වෙනකම් මේ ආදරේ එහෙමමයි.
පිය සෙනෙහස ගැන මොකද හිතෙන්නේ?
සම,මස්,ලේ,ඇට, ඇටමිදුළු දක්වා කිඳා බැස්ස,පරිමාණයකින් ගණනය කරන්න බැරි ,සීමා මායිම් විරහිත ලෝකයේ තියෙන උතුම්ම සෙනෙහස පිය සෙනෙහස. කවි,ගී,පදවැල් අඩුවෙන් ලියවුන පිය සෙනෙහස කියන්නේ මව් සෙනෙහස තරම් ම ලෝකෙ තියෙන උතුම් දෙයක් .එය දන්නේ පියෙකුගේ හදවත පමණමයි.
වාසනාව ලැබීම ගැන ඔබ විශ්වාස කරනවාද?
ඕනෑම කෙනෙකුට වාසනාව කියන දේ සාපේක්ෂයි .මහන්සියෙන් කැපවීමෙන් යම් දෙයක් කළොත් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න පුළුවන්. යම් කිසි තැනකට ගියාට පස්සේ හිතෙන්න පුළුවන් මේ මගේ වාසනාව කියලා .ඒ හැරෙන්න නම් මම වාසනාව ගැන ලොකුවට හිතන්නේ නැහැ .ඒ නිසාම හඳහන් බලලා සුභ වෙලාවල් බලලා රාහු කාලේ මග ඇරලා වැඩ කරන පුරුද්දක් නම් මට නැහැ .මම හැමතිස්සෙම හිතනව අපිට අපේ ගැන ආත්ම විශ්වාසයක් තියෙනවා නම් හැම මොහොතක්ම සුභ මොහොතක් කියලා .
විලාසිතා කරන්න කැමති ද ?
ඔව් මම ගොඩක් කැමති විලාසිතාවලට. මං හැමතිස්සෙම හිතනවා රංගන ශිල්පියෙක් ලෙස ට වෘත්තීය ගෞරවය ආරක්ෂා වන විදියට විලාසිතා කළයුතුයි කියලා...කොහොම ඇන්දත් සරල බවට, සැහැල්ලු බවට චාම්බව ට මම ගොඩක් ආසයි. මොන ඇඳුම ඇන්දත් කඩවසම් පෙනුමක් නම් තියෙනවා කියලත් හිතෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |