අදින් සිදුවන වෙනස... ඒ ගැනත් අවදානයෙන්...!

Report

අද (02) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අද ඔබව පිච්චිලා යයි...එලියට බහින්නේ පරිස්සමට

අද ඔබව පිච්චිලා යයි...එලියට බහින්නේ පරිස්සමට

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.