මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි සොයා අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙන බව වාර්තා වනවා.

ඒ, ඇය එම ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට ලැබුණු තොරතුරක් අනුවයි.

ආයේ නම් මේවා ගැන හිතන්නවත් එපා... තියන දේ පරිස්සම් කරගන්න

ආයේ නම් මේවා ගැන හිතන්නවත් එපා... තියන දේ පරිස්සම් කරගන්න

එහිදී ඇයගේ රුවට සමාන කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය සදහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද සොයාගත් බවයි.

ජනතාවට හදිසි වුනාට අපට හදිසියක් නැහැ... අවුරුදු 5ක් තියේ

ජනතාවට හදිසි වුනාට අපට හදිසියක් නැහැ... අවුරුදු 5ක් තියේ

කෙසේ වෙතත් ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි මේ වනතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නොමැත.