වහාම ධර්ම සංගායනාවක් පවත්වන්න - උඩු දුවන ශාසන අර්බුද හමුවේ හිටපු ජනාධිපතිනියගෙන් ලිපියක්

Report

පැන නැගී ඇති ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම උදෙසා වහාම "ශාසන ශෝධන" වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.

ඒ අනුව ඇය අඳාළ ලිපියෙන් ඉල්ලා සිටින්නේ වර්තමානයේ බුදු සසුන ඉතිහාසයේ කවරදාකටත් වඩා බරපතළ අභියෝග රැසකට මුහුණ දී ඇති බැවින්, ධර්ම සංගායනාවක් පවත්වා සසුනේ චිරස්ථිතිය තහවුරු කිරීමට මහානායක හිමිවරුන් වහාම පෙරමුණ ගැනීම සුදුසු බවටයි.

එමෙන්ම නිදහසින් පසු 1956 බණ්ඩාරනායක පාලන සමයේ මෙන්ම, තම පාලන කාලය තුළ ද අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ මැදිහත්වීමෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමට උත්සාහ කළ ද, සසුනේ අර්බුද හරහා වරප්‍රසාද භුක්ති විඳින පාර්ශවයන් සහ ඇතැම් භික්ෂූන්ගේ විරෝධය හේතුවෙන් එම උත්සාහයන් ව්‍යර්ථ වූ බවද ඇය දක්වා ඇත.

සිවුරට වැහිලා ආයේ බෞද්ධ භික්ෂූන්ට විනය නීති කඩන්න බෑ - තීරණ ගැනීමට ධර්මාධිකරණයක් - ජනපති

සිවුරට වැහිලා ආයේ බෞද්ධ භික්ෂූන්ට විනය නීති කඩන්න බෑ - තීරණ ගැනීමට ධර්මාධිකරණයක් - ජනපති

එබැවින් ඇය සඳහන් කර ඇත්තේ කලින් කලට සමාජගත වන හුදකලා සිදුවීම් වැළැක්වීමට උත්සාහ කිරීමෙන් සැබෑ අර්බුදය යටපත් වන බැවින්, ගැටලුවලට කෙටිකාලීන හා දීර්ඝකාලීන ස්ථිර විසඳුම් සෙවීමට පුළුල් අභ්‍යන්තර සංවාදයක් වහාම ආරම්භ කළ යුතු බවයි.

එමෙන්ම හිටපු ජනාධිපතිනිය සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මෙම කාර්යභාරය සහ සංවිධාන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට දිවයිනේ ජ්‍යෙෂ්ඨ ගිහි බෞද්ධ නායකයන් කණ්ඩායමක් සමඟ එක්ව උපරිම දායකත්වය ලබාදීමට තමන් සූදානම් බවයි.

ධර්මය විකෘති කරන පිරිසක් සිවුරු පොරවාගෙන ඉන්නවා ලොකු විනාශය අත්විඳීමට සිදුවේවි - ඕමල්පේ සෝභිත හිමි

ධර්මය විකෘති කරන පිරිසක් සිවුරු පොරවාගෙන ඉන්නවා ලොකු විනාශය අත්විඳීමට සිදුවේවි - ඕමල්පේ සෝභිත හිමි

ලිංගික අපයෝජන චෝදනාව බොරු.. භෞතිකව ඉදිරිපත් නොකර රිමාන්ඩ් කරන්න බෑ - අටමස්ථානාධිපති හිමියන්ගෙන් අධිකරණයට දැනුම් දීමක්

ලිංගික අපයෝජන චෝදනාව බොරු.. භෞතිකව ඉදිරිපත් නොකර රිමාන්ඩ් කරන්න බෑ - අටමස්ථානාධිපති හිමියන්ගෙන් අධිකරණයට දැනුම් දීමක්

GalleryGallery