ජාතික ලැයිස්තුවෙන් තාත්තගේ නම කපලා..දුවකගෙන් චෝදනාවක්

Report

 පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය චෝදනා කරන්නේ,  සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් තම පියා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නම ඉවත් කර ඇති බවයි.

ඇය පැවසුවේ, තම පියා නාම යෝජනා පත‍්‍රයට අත්සන් කළ ද අවසාන ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් කර ඇති බවයි.

කෙසේ නමුත් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයක් වසර 21ක් තිස්සේ නොතිබුණු පසුබිමක සිය ජයග්‍රහණය ගැන සතුටු වන බවත් පවසන ඇය මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයට නායකත්වය ලබා දීමට සූදානම් බව ද සදහන් කරයි.