මෙරට ප්‍රේක්ෂක හදවත් දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පියෙක් අවසන් ගමන් යයි..
By Aruna
ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි රසික හදවත් පිනවූ බොහෝමයක් ගීත ඒ මහතාගේ මධුර හඬ ස්වරයෙන් වර්ණවත් වූ සදා අමරණීය ගීතයන් වනවා.
මියයන විට ඒ මහතා 76 වන වියේ පසුවුණා.
අවසන් කටයුතු සිදු කරන දිනය සම්බන්ධයෙන් තවමත් දැනුම්දී නැහැ.