මෑතකදි මියගිය ෆාස්ටර් ඝාතනය සම්බන්ධයෙන් චමුදිත CID වෙත..

By Sithumi Dec 22, 2022 06:08 PM GMT
Sithumi

Sithumi

Report

වේදී චමුදිත සමරවික්‍රම මහතා නැවත වතාවක් රහස් පොලිසිය වෙත කැඳවා තිබෙනවා. 

 ඒ මෑතක දී බොරැල්ල කනත්ත අසලදී ඝාතනයට ලක් වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි. ඒ අනුව එම ප‍්‍රකාශය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ සහ මිනීමැරුම් විමර්ශන ඒකකය වෙත චමුදිත සමරවික්‍රම මහතා කැඳවා තිබෙනවා.  

මීට පෙරද ඔහු රහස් පොලිසියට කැදවා ප‍්‍රකාශයක් සටහන් කරගෙන තබුණා. එමෙන්ම මේ වන විට එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 58 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මාර්ග දෙපස කැමරා පද්ධති පනහකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ දැනට සිදුකරන ලද විමර්ශන වලින් මේ දක්වා සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණ වී නොමැති බවයි.