චමෝදිගේ මරණය ගැන පේරාදෙණියෙන් විශේෂ ප්‍රකාශයක්
චමෝදී සංදීපනී ජයරත්න නැමැති 21 හැවිරිදි තරුණිය මියගියේ ලබාදුන් ඖෂධයකින් නොව අසාත්මිකතාවකින් බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් දිය හැක්කේ සිදුකෙරෙන පරීක්ෂණවලින් අනතුරුව බවයි ඔහු පවසන්නේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා,
"අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා - "මේක ඖෂධයේ ගැටලුවක් නිසා සිදුවුණා කියන්න අමාරුයි. ආසාත්මිකතාවයක් නිසා ඇතිවුණ තත්ත්වයක්. Ceftriaxone ඖෂධ මාත්‍රා 2700ක් වෙනත් රෝගින්ට දී තිබෙනවා."
මාධ්‍යවේදියා - යම්කිසි අත්වැරදීමක් හරි එහෙමත් නැතිනම් අධිමාත්‍රාවක් දීමක් ගැන ඔබතුමා නිරීක්ෂණය කරලා තියෙනවාද?
අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා - "Ceftriaxone කියන්නේ දවසකට එකවරක් දෙන ඖෂධයක්. මිලිග්‍රෑම් 2ක් ලබාදෙන්න ඕනේ එක කුප්පියක තියෙන්නේ එක මිලිග්‍රෑම් එකයි.
ඒ නිසයි දෙකක් දීලා තියෙන්නේ. එන්නත් දෙකක් දීලා නැහැ. මීට කලින් ආසාත්මිකතාවයන් ආවද බැලුවා. මේ රෝගියාට කළින් ආසාත්මිකතාවයන් ඇතිවෙලා නැහැ. එන්නත නොදෙන්න හේතුවක් තිබුණේ නැහැ."
මාධ්‍යවේදියා - පළමුවෙනි එක දෙනකොට පොඩි ආසාත්මිකතාවයක් මතුවෙද්දි, ඊළඟ එක නොදී ඉන්න පුළුවන් පරාසයක් මෙතන නැද්ද?
අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා - "පළමුවෙනි එක දෙද්දී ආසාත්මිකතාවයක් මතුවුණේ නැහැ. දෙකම දීලා විනාඩි දෙක තුනකින් තමයි රෝග ලක්ෂණ මතුවෙලා තියෙන්නේ" අදාළ ඖෂධ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග අංශය ප්‍රධානී මහාචාර්ය වෛද්‍ය උදය රළපනාව මහතා,
මහාචාර්ය වෛද්‍ය උදය රළපනාව මහතා -
"ආසාත්මිකතාවයකදි වැඩිවෙන CRP ප්‍රෝටින අගය. සාමාන්‍යයෙන් තිබිය යුත්තේ ඒකක 6ට අඩුවෙන්. මේ දියණියගේ එම අගය ඒකක 270කට වැඩිවෙලා තිබුණා. 6 ට තිබිය යුතු අගය 270කට වැඩිවෙනකොට බැක්ටීරියා ආසාධනයක ලකුණු තියෙනවා. එවිට ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරනවා සාමාන්‍යයෙන් දෙන Ceftriaxone ඖෂධය දුන්නේ. මේක ඖෂධ අසාත්මිකතාවයක්.කලාතුරකින් සමහරු මියයනවා. අවාසනාවන්ත ලෙස මේ දියණියත් මියගියා."
මහනුවර පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි චමෝදී සන්දීපනී ජයරත්න ඉකුත් සඳුදා කැටපිටිය ප්‍රාථමික රෝහලට ඇතුළත් කරන්නේ උදරාබාධයක් හේතුවෙන් පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට පසුගිය 11 වනදා ඇතුළත් කර තිබුණි. හදිසි ප්‍රතිකාර ඒකකයෙන් හතේ වාට්ටුවට මාරු කිරීමෙන් පසු හෙදියන් විසින් ඇයට එන්නත් දෙකක් ලබා දී තිබෙනවා.
එයත් සමග ඇයට සිදුවූයේ රෝහල් ඇඳ මතම සිය ජීවිතයට සමුදීමටයි. මව්පියන්, සහෝදරන්, නෑ හිතවතුන්ගේ සෝ සුසුම් මැද ඇයගේ නිසල දේහය ඊයේ රාත්‍රියේ නිවසට රැගෙන එනු ලැබුවා. ඥාතීන්ට පමණක් නොව හදිසියේ වියෝ චමෝදිගේ වෙන්වීම හෙහෙළියන්ට පවා දරාගැනීමට නොහැකිවූ අතර චමෝදිගේ වියෝව ඇයගේ පවුලේ ඥාතීන්ට දැඩි කම්පනයක් මෙන්ම ප්‍රශ්නාර්ථයක්.
