ඇමෙරිකානු තීරුබදු පිළිබඳව වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරයි
එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර ඇත.
නමුත්, මෙම තීරුබදු අනුපාතය තවදුරටත් අඩු කිරීම සඳහා රජය අමෙරිකානු බලධාරීන් සමග අඛණ්ඩව සාකච්ඡා පැවැත්විය යුතු බවද එම මණ්ඩලය ඉල්ලා සිටී.
ලංකා වාණිජ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, තීරුබදු අනුපාතය අඩු කිරීම, එක්සත් ජනපදයට අපනයනය කිරීමේදී කලාපීය තරගකරුවන්ගේ තීරුබදු ව්‍යුහයට සමීප වීම සඳහා රජය ගත් ඵලදායී හා වැදගත් පළමු පියවරක් ලෙස සලකන බවයි.
විශේෂයෙන්, කලාපයේ අනෙකුත් රටවල් ඊටත් වඩා අඩු තීරුබදු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, 2025 අගෝස්තු 1 වන විට තවදුරටත් තීරුබදු අඩු කිරීමක් ලබා ගැනීම සඳහා අමෙරිකානු පරිපාලනය සමග අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට රගයෙන් ඉල්ලා ඇත.
එසේම, ඵලදායී සංවාද, කර්මාන්ත ප්‍රතිපෝෂණ, සහ සම්බන්ධීකරණ උපදේශන තුළින් රජයේ උත්සාහයන්ට සහාය වීමට ලංකා වාණිජ මණ්ඩලය සූදානම් බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.
