ලංකා ආර්ථිකයට මොකද වෙන්නේ? තීරු බදු ගැන ජනපති සාකච්ඡාවක්

Report

පසුගිය අප්‍රේල් මාසයේ ඩොනල්ඩ්  ට්‍රම්ප් විසින්  රටවල් කීපයකට තීරු බදු පැනවූ අතර අප්‍රේල් මාසයේ සිට මේ දක්වා එම රටවල් වලට යම් සහනදායි කාලසීමාවක් ලබා දී තිබුණි.

කෙසේ නමුත් සහනදායී කාල සීමාව අවසන් වූ පසු  ඇමරිකානු ජනාධිපති විසින් ශ්‍රී ලංකාව වෙත 30% තීරු බදු නියම කොට ඇති බවට නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එබැවින් ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

අද ලග්න පලාපල – 2025 ජූලි 10 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 10 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

සාරා ජස්මින් මැරිලා නෑ පෙන්නපු DNA වාර්තා බොරු, මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

සාරා ජස්මින් මැරිලා නෑ පෙන්නපු DNA වාර්තා බොරු, මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්