ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්
By Kaushi
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව මඟින් සිදුකරන අපනයන වෙනුවෙන් 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධව මීට සුළු මොහොතකට පෙර ධවල මන්දිරය මඟින් ශ්‍රී ලංකාව වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා ඇති බව සඳහන්.
කෙසේ වුවද මීට පෙර අමෙරිකානු ජනාධිතිවරයා විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 44%ක් විය.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි
ඒ අනුව මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. එසේම එක්සත් ජනපදයෙන් තවත් රටවල් 6කට නව තීරුබදු ලිපි නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැනට අමෙරිකාව නිකුත් කර ඇති මුළු තීරුබදු ලිපි සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.