සියල්ලන් පුදුම කරමින් චමරිගෙන් ශතකයක්.. එය වාර්තා අතරට ගියේ මෙන්න මෙහෙමයි..

By Sewvandhi Jul 22, 2024 02:56 PM GMT
Report

මේ වන විට ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරගය පැවැත්වෙයි. ඒ දඹුල්ලේ දී ය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීම සමත්විය.

එම තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය. එමෙන්ම, ඇය එම ශතකය රැස් කර තිබුණේ හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමින් ය. කෙසේ වෙතත්, එය අසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගයක රැස්කළ පළමු ශතකය ද වේ.