හදවතේ ගායක, චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට - රෝහලෙන් විශේෂ දැනුම්දීමක්.. (PHOTOS/UPDATE)
UPDATE :-
ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
එම රෝහලේ දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් ද සවි කර ඇත.
එහි සඳහන් වන්නේ, ඔහු බැලීම සඳහා අවසර හිමි නොවන බවයි.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා පැමිණීම රෝහලට මෙන්ම ඔහුට ද විශාල අපහසුතාවයක් බවයි.
ඒ හේතුවෙන් කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ මහතා බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
-------------------------------------------
සියල්ලන් ආදරය කරන, හදවතේ ගායකයා චාමර වීරසිංහ රෝහල් ගත කරයි.. (PHOTOS)
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.
ඒ අසනීප තත්ත්වයක් හේතුවෙන් ය.
ඒ බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය සඳහන් කළේ ය
ඒ මහතා ගෙවුණු දින කිහිපය තුළ අසනීප තත්ත්වයෙන් පසුවුණ බව ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි ද සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්, හදවතේ ගායක චාමර වීරසිංහ අපි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..