තෙල් සංස්ථාව ගැන අසුබ වාර්තාවක්

Report

ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව පසුගිය වර්ෂයේ දි (2024) සැලකිය යුතු අයුරින් මුල්‍ය පසුබැමකට ලක්ව තිබුණා.

ඒ නව ජාත්‍යන්තර ඉන්ධන ක්‍රියාකරුවන්ගේ පැමිණිමෙන් පසු වෙළදපොළ කොටස අඩුවිම හේතුවෙන් බව සඳහන්.

මේ අතර එහි ආදායම සියයට 26.9කින් පහත වැටි ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙන වාර්තාවක සදහන් වෙනවා.

ඒ අනුව අඳාළ වාර්තාවේ ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව 2023 වර්ෂයේ දි රුපියල් බිලියන 1,263.6ක ආදායමක් උපයාගෙන තිබෙන බව සඳහන්.

ඇමරිකා සම්බාධක එක්කම එකවරටම තෙල් මිල ඉහළට

ඇමරිකා සම්බාධක එක්කම එකවරටම තෙල් මිල ඉහළට

එසේ වුවද පසුගිය 2024 වර්ෂයේ දි එම ආදායම රුපියල් බිලියන 923.4 දක්වා සියයට 26.9කින් අඩුවී ඇති බවද අඳාළ වාර්තාවේ දැක්වේ.

2023 වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන 4,184ක් වේ.

එහෙත් 2024 වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන 286කින් අඩුවි තිබෙනවා.

එමෙන්ම ඉකුත් වර්ෂයේ දි ඛනිජතෙල් නිතිගත සංස්ථවේ දළ ලාභය රුපියල් බිලියන 75.6 දක්වා සියයට 53.4කින් පහත වැටි ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පිරිවැය පිළිබිඹු කරන මිලකරණ සුත්‍රය අඛණ්ඩව භාවිතා කිරිම සහ ඉකුත් වර්ෂය තුළ ශ්‍රි ලංකා රුපියල සාපේක්ෂ ලෙස ශක්තිමත් විම නිසා සංස්ථා රුපියල් බිලියන 33.3ක ශුද්ධ ලාභයක් වාර්තාකොට තිබුණා.

කොළඹට විශේෂ නිවේදනයක්

කොළඹට විශේෂ නිවේදනයක්

නාමල් රාජපක්ෂ ගැන ප්‍රබල අනාවැකියක් ? හදිසියේම කොරියාවට ගිය නාමල්

නාමල් රාජපක්ෂ ගැන ප්‍රබල අනාවැකියක් ? හදිසියේම කොරියාවට ගිය නාමල්