පොලීසියෙන් විශේෂ දැනුවත් කිරීමක් - සමාජ මාධ්‍ය භාවිතා කරන තරුණියන්ට අවදානමක්

Report

තරුණියන්ගේ ව්‍යාජ ඡායාරූප සහ තොරතුරු භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාල හරහා සිදුකරන මූල්‍ය වංචාවන් පිළිබඳව පැමිණිලි ලැබීම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අවධාරණය කරයි..

මෙවැනි වංචාකරුවන් හඳුනා නොගත් පුද්ගලයන්ගේ නමින් ව්‍යාජ ගිණුම් සකසා, මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමෙන් අනතුරුව විවිධ උපක්‍රම භාවිත කර මුදල් වංචා කරන බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

මුළු ලංකාවටම පීඩනේ දුන්න ඊසානේ අඩුපීඩන කලාපයේ ඉදිරි පැය 48 තුළ වෙන්නේ මේකයි - රටටම දැනුම්දෙයි

මුළු ලංකාවටම පීඩනේ දුන්න ඊසානේ අඩුපීඩන කලාපයේ ඉදිරි පැය 48 තුළ වෙන්නේ මේකයි - රටටම දැනුම්දෙයි

පසුව එම පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වන මුවාවෙන් ඔවුන්ගේ සංවේදී ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබාගෙන, ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් (Sextortion) හෝ විවිධ හදිසි අවශ්‍යතාවලට මුදල් අවශ්‍ය බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගැනීමට ඔවුන් කටයුතු කරයි.

මෙවැනි ඩිජිටල් උගුල්වලින් බේරීම සඳහා සමාජ මාධ්‍ය හරහා මුණගැසෙන නන්නාඳුනන පුද්ගලයන්ට කිසිදු හේතුවක් මත තමන්ගේ පෞද්ගලික තොරතුරු, බැංකු ගිණුම් විස්තර හෝ සංවේදී රූපරාමු යැවීමෙන් වළකින ලෙස පොලිසිය  ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.

මේ රටට යන්න මග බලන් හිටිය ඔයාට සුබම සුබ ආරංචියක් - රැකියා දහසක්

මේ රටට යන්න මග බලන් හිටිය ඔයාට සුබම සුබ ආරංචියක් - රැකියා දහසක්