මෙන්න ටෙන්ඩර් කැදවීමක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර අතර කොටසේ ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.
එහි ඉදිකිරීම් ලබන මැයි මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කර තිබේ.
එම කොටසේ දුර කිලෝ මීටර් 19 කි මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර – රඹුක්කන අතර කොටසේ කාපට් ඇතිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එහි ඉදිකීරීම් ලබන වසරේ මාර්තු මාසයේදි අවසන් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව වසර පහක් ඇණහිට තිබී පසුගියදා ඇරඹූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම අතර කොටසේ ඉදිකිරීම්වලින් මේ වනවිට 40% ක් අවසන් කර ඇති බව වාර්තා වේ.
එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇත්තේ 2028 වසරේදීය.