අද සවස 5.30 සිටම අවදානෙන් - ආපදා තත්ත්වයන්හිදී භාවිතයට ඇමරිකාවෙන් හෙලිකොප්ටර් යානා 10ක්

Report

ශ්‍රී ලංකාවට ආපදා තත්ත්වයන්හිදී භාවිතා කිරීම සඳහා, අමෙරිකා එක්සත් ජනපදය විසින් හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම යානා TH-57 (Bell 206 Sea Ranger) වර්ගයට අයත් මෙම හෙලිකොප්ටර්, ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදනය කර ඇති යානා බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියි.

හදිසි දැනුම්දීමක් - බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අද කලින්ම වසයි

හදිසි දැනුම්දීමක් - බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අද කලින්ම වසයි

මෙම හෙලිකොප්ටර්, Excess Defense Articles (EDA) වැඩසටහන යටතේ, උපකරණ සඳහා කිසිදු වියදමක් නොමැතිව ශ්‍රී ලංකාවට හුවමාරු කෙරෙන අතර, 2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව එතුමිය සදහන් කර තිබේ.

අද සවස 5.30 සිටම මහා තර්ජනය! ගැඹුරු අවපාතය රටට කඩා වදිනවා – නායයෑම් විශේෂ රතු එළිය, මධ්‍යම කඳුකරයේ ජීවිත අනතුරේ

අද සවස 5.30 සිටම මහා තර්ජනය! ගැඹුරු අවපාතය රටට කඩා වදිනවා – නායයෑම් විශේෂ රතු එළිය, මධ්‍යම කඳුකරයේ ජීවිත අනතුරේ

තවද තානාපතිවරිය විසින් අවධාරණය කර ඇත්තේ ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවන්හිදී, පුද්ගල සෙවීම් හා ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර්වල ඇති අත්‍යවශ්‍ය භූමිකාව බවයි.

මෙම හෙලොකොප්ටර් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්‍රධානය තුළින් එහි හෙලිකොප්ටර් බලඝනය ශක්තිමත් කරමින්, නියමු පුහුණුව වර්ධනය කිරීම සහ වඩා කාර්යක්ෂම ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සිදු කිරීමට මෙය දායක වනු ඇත.

අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි