මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 106කට වෙච්ච දෙයක්.
මධ්‍යම සංස්කෘතික අරමුදල නීතියට පිටින් ගොස් සිදු කළ නිකරුණේ සිදු කළ මුදල් වැය කිරීමක් ගැන ජාතික විගණන කාර්යාලය අනාවරණය කරනවා.
ඒ අනුව 2018 සහ 2019 වර්ෂවලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 3000 කට ආසන්න පිරිසක් බඳවා ගෙන ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි 106ක් පමණ නිකරුණේ වැය කර තිබෙනවා.
එම ආයතනය මෙලෙස කටයුතු කර ඇත්තේ රජයේ ආයතනයකට වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා පුරාවිද්‍යා සහායකයන්( කම්කරුවන්) 2271 දෙනෙකු සහ මුරකරුවන් 1130 දෙනෙකු බඳවා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය 2017 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනි දින අනුමැතිය ලබාදී තිබු බව එම වාර්තාව සඳහන්.
ඒ අනුව 2018 දෙසැම්බර් 31 දින වන විට බඳවාගත් මුළු සේවක සංඛ්‍යාව 1089කි.( පුරාවිද්‍යා සහායකයන්713ක් සහ මුරකරුවන් 376ක්)
පසුවත් 2019 සැප්තැම්බර් 30 වනවිට සේවකයන් 1487 දෙනකු ( පුරාවිද්‍යා සහයකයන් 934ක් සහ මුරකරුවන් 553ක්) බඳවා ගෙන තිබුණු බව විගණන අංශ පෙන්වා දෙනවා.
ඉන් 1415 දෙනකු 2021 පෙබරවාරි මාසය වන විටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ යොදවා තිබෙනවා.
එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලන අංශය ඉදිරිපත් කළ තොරතුරු අනුව එහි තත්‍ය සේවක සංඛ්‍යාව 2780 ක් වුවත් ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී විසින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව තත්ව සේවක සංඛ්‍යාව 3,500 ක්වූ බවයි විගණන කාර්යාලය පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |