ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රිප්ටො පාවිච්චි අයට මහ බැංකුවෙන් මෙන්න අනතුරු ඇඟවීමක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි, ක්‍රිප්ටෝ මුදල් යනු කිසිදු රාජ්‍ය මූල්‍ය අධිකාරියක පාලනයකින් තොරව පෞද්ගලිකව නිර්මාණය කෙරෙන ඩිජිටල් මුදල් වර්ගයකි.

වර්ගයකි. මෙම ඩිජිටල් වත්කම් ක්‍රියාත්මක වන්නේ ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) වැනි උසස් තාක්ෂණික ක්‍රමවේද හරහා ය. ඒවා භෞතික මුදල් මෙන් එදිනෙදා ගනුදෙනු සඳහා බහුලව භාවිතා නොවුවත්, අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සඳහා යොදාගත හැකිය.

මහ බැංකුවේ නිරීක්ෂණවලට අනුව, ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජන අවස්ථාවක් ලෙස ජනප්‍රිය වී ඇත. එහෙත්, මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් හෙළි වන්නේ මෙම ආයෝජන හේතුවෙන් බොහෝ දෙනෙකුට විශාල මූල්‍ය හානි සිදුව ඇති බවයි. එසේම, ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ මුදල් වංචනික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ලෝකයේ රටවල් රැසක්, උදාහරණයක් ලෙස එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ජපානය, ක්‍රිප්ටෝ මුදල් යම් පමණකට නියාමනය කර ඇතත්, ශ්‍රී ලංකාව තුළ එවැනි නියාමනයක් නොමැත. මහ බැංකුව අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස පිළිගනු නොලැබෙන අතර, ඒවා භාවිතයට කිසිදු නියාමන ආරක්ෂාවක් නොමැති බවයි. එබැවින්, ක්‍රිප්ටෝ මුදල් නියාමනය නොවන ආයෝජන උපකරණයක් ලෙස සැලකේ.

එසේම, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කළ නියෝගයකට අනුව, ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු සඳහා ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම ද තහනම් කර ඇත. මහ බැංකුව පෙන්වා දෙන්නේ ක්‍රිප්ටෝ මුදල් රටේ ආර්ථිකයට කිසිදු ධනාත්මක දායකත්වයක් නොදක්වන අතර, ඒවා ජාතික මූල්‍ය පද්ධතියට අහිතකර ලෙස බලපාමින් විදේශ විනිමය රටින් පිටවීමට හේතු විය හැකි බවයි.

මීට පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් භාවිතය නීත්‍යානුකූල නොවේ” යනුවෙන් ය. එසේම, රුපියල රටේ නිල මුදල් ඒකකය බවත්, ක්‍රිප්ටෝ මුදල් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා බහුලව යොදාගැනෙන බවට තොරතුරු ඇති බවත් ඔහු සඳහන් කළේය.  

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට

ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්

ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්