ණය ලබාගත් සියලු ජනතාවට මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Mar 26, 2023 04:54 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන මේ වන විට පීඩාවට පත්ව සිටින ගනුදෙනුකරුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙසේ ලියාපදිංචි නැති මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ගෙවා ගත නොහැකිව සිටින පුද්ගලයින් දහසකින් පමණ සහන ඉල්ලා තමන් වෙත පැමිණිලි ලැබී ඇතැයි ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ 2012 වසර වන විට බැංකු නොවන මූල්‍ය ආයතන පනස්පහක් මෙරට ක්‍රියාත්මක වූ බවයි.

2023 වසර වන විට එය තිස්පහක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.

මෙම මූල්‍ය ආයතන නියාමනය කිරීමේ වගකීමද ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි.

වැරැදි ආකාරයට තැන්පතු ලබාගෙන මුදල් අවභාවිතා කළ බැංකු නොවන මූල්‍ය ආයතනවලට ශ්‍රී ලංකා මහ බැංකුව නඩු පවරා ඇත.

කොවිඩ් වසංගතය සහ ආර්ථික ගැටලු උග්‍ර වීම හේතුවෙන් පසුගිය කාලයේ දී බොහෝ පිරිසක් වාහන, ඉඩම් ඇතුළු දේපොළ උකසට තබා ණය ලබා ගත් අතර ඒවා බේරා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට මෙම වැඩපිළිවෙළ හරහා සහන සැලසීමට නියමිතය.

අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ණය සහන දායක මණ්ඩල දෙපාර්තමේන්තුව මගින් පුද්ගලයින්ට අදාළ සහනයන් ලබා දෙනු ඇත.

‘‘විවිධ හේතු මත ණය වූ පුද්ගලයින්, එම ණය ලබා ගැනීමට උකස් කරපු දේපොළ බේරාගන්න බැරිව විශාල ගැටලුවලට මුහුණ දෙනවා.

එලෙස ණය දුන් පුද්ගලයින් සහ ආයතනත් ණය ලබාගත් පුද්ගලයින් සමග සාකච්ඡා කර සමථයකට පත් කර සහනයන් ලබා දීමට අවශ්‍ය කටයුතු ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටු කර දෙනවා.’’

‘‘මහ බැංකුවේ ලියාපදිංචි නොවූ විවිධ මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන අමාරුවේ වැටුනු පුද්ගලයින්ට විශේෂයෙන් සහන ලබා දෙනවා.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි දහසක් පමණ ලැබෙනවා.

ණය සහන ලබාදීමේ දී මූල්‍ය සීමාවක් නැහැ. රුපියල් කෝටියකට අධික ණයක් ලබාගෙන අමාරුවේ වැටුණු අයකුට පවා අවශ්‍ය සහන ලබා දෙනවා.’’ යැයි ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ ලේකම් සුබාෂිණී දයානන්ද සඳහන් කළාය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.