තමන් අවංකව අන්තිම සතේටම උපයා ගත් වත්කම් පිළිබඳ පැහැදිලි කරන මහ බැංකු අධිපති

Report

මේ වන විට මහ බැංකු අධිපති ආචාර නන්දලාල් වීරසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ වාර්තාවක් ලබා දී තිබේ.

එහිදී බොහෝ පුද්ගලයන් එම වත්කම් හා බැරකම් පිළිබඳව විවිධ මත පල කරද්දී ඒ සම්බන්ධයෙන් මහ බැංකුව අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව දූෂණ විරෝධී පනතේ විධිවිධානයන්ට අනුකූලව ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් තමන්ගේ සහ තම පවුලේ සියලුම වත්කම් උපයා ඇත්තේ නීත්‍යානුකූලව, ආදායම් උපයාගත් ආකාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය ඕනෑම අයෙකුට ඒ පිළිබඳව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද ප්‍රකාශ කළේය.

එලෙස පැමිණිලි කරන ඕනෑම අයෙකුට තමන් වත්කම් උපයාගත් ආකාරය අන්තිම සතේට පැහැදිලි කිරීමට බැඳී සිටින බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. තමන් මේ ආකාරයෙන්ම පසුගිය වසරේ මෙන්ම ඊට පෙරද මෙලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන බවද ඔහු පැවැසුවේය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

තමන් දේශීය ආදායම් දෙපර්තමේන්තුවේ ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරනු ලැබුවේ මීට වසර 40 කට පෙර බවත් තමන් උපයා ඇති වත්කම්වලට අන්තිම සතේට ආදායම් බදු ගෙවා තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. තමාට පමණක් නොව මහ බැංකුවේ සේවය කරන ඕනෑම නිලධාරියකුට චර්යා ධර්ම සංග්‍රහයක් තිබෙන බවත් තමන් සහ සිය පවුලේ සාමාජිකයන් ආයෝජනය කර ඇත්තේ එම චර්යා ධර්ම සංග්‍රහයට අනුකූලව බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන් එම චර්යා ධර්ම සංග්‍රහය කිසිම විටකත් උල්ලංඝනය කර නොමැති බවත් නමුත් ඕනෑම අයෙකුට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය ගැන හෝ බදු ලිපිගොනුව පිළිබඳ ප්‍රශ්න තිබේ නම් පැමිණිලි කළ හැකි බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි