විදුලි බිල ඉහළ යන හේතුව මෙන්න – IMF මෙහෙයුම් ප්‍රධානීන් හෙළි කරයි

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ශ්‍රී ලංකාව සඳහා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මෑතකදී කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී රටේ විදුලි උත්පාදන පිරිවැය ඉහළ යාමට ගල් අඟුරු ප්‍රසම්පාදනයේ ගුණාත්මකභාවය සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව අඩු වීම ප්‍රධාන හේතුවක් බව ඉස්මතු කළේය.

“ලංවිමේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වන්නේ මිලදී ගන්නා ගල් අඟුරුවල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමව නිෂ්පාදනය කිරීමේ හැකියාව අඩු වීම නිසා විදුලිය කාර්යක්ෂමව නිපදවීමට ඇති හැකියාව අඩු වීම බව අපි තේරුම් ගනිමු,” ඔහු ඊයේ  කොළඹදී වාර්තාකරුවන්ට පැවසීය.

විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක් - මාර්තු මාසයේ මහපොළ වාරිකය අද ගිණුම් වෙත

විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක් - මාර්තු මාසයේ මහපොළ වාරිකය අද ගිණුම් වෙත

ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ගල් අඟුරු වැනි ඉන්ධන යෙදවුම්වල පැන නගින ගැටළු විසඳීම සඳහා ව්‍යුහගත ඉන්ධන සැපයුම් ගිවිසුම් සහ පැහැදිලි මෙහෙයුම් රාමු අත්‍යවශ්‍ය බවයි.

ඉන්ධන සැපයුම් ගිවිසුම් නිසි ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීම, ලංවිම වෙන් කිරීමෙන් පසු බලගැනවීමට සිදු වන සියලු උත්පාදන සමාගම් සහ රක්ෂණ ආයතන හොඳින් අර්ථ දක්වා ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කළේය.

ගල් අඟුරු හෝ වෙනත් යෙදවුම් ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු ඇති වුවහොත් අනාගතයේ ඒවා විසඳීමට පැහැදිලිව නිර්වචනය කර ඇති යාන්ත්‍රණ සහ නිසි පිළියම් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

“ඡන්දය පැවැත්වීමට ප්‍රතිපාදන නැහැ” – පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට හේතු සොයා බැලෙයි

“ඡන්දය පැවැත්වීමට ප්‍රතිපාදන නැහැ” – පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට හේතු සොයා බැලෙයි

නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි

නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි