රටම නොසන්සුන් කරමින් ජීවිතක්ෂයට පත් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද යන්නම යයි - පොලිස් ගෞරව එක්ක අවසන් කටයුතු අද
වෙඩි වැදී මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද(20) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව පවතී.
ඒ අනුව එම දේහය මේ වන විට මහජන ගෞරව සඳහා බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් සිකුරාදා මාලඹේ තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ වෙඩි වැදීමකින්.
කෙසේ වෙතත් පෞද්ගලික හේතුවක් මත, සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට පොලිසිය සැක පළ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.
මේ අතර බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරුණු හිටපු පොලිස්පතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපතිවරුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම වත්මන් රජයේ මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව සිටි බව සඳහන්.