සතුටු හිතෙන ආරංචියක් - ආයේ අලි සම්පත මැරෙන්නෑ
නිතර නිතර වන අලි දුම්රියේ ගැටීම නිසා දුම්රිය දෙපාර්තුමේන්තුව වන අලි නිතර ගැවසෙන ඒ ඒ මාර්ගවලට CCTV කැමරා සවි කිරීමක් සිදු කර ඇත.
විශේෂයෙන් අබන්පොල,කසිකොටේ,ගල්ඔය,මින්නේරිය ආදී ප්‍රදේශවල සවි කර ඇත.
මෙම කැමරා පැය 24ම ක්‍රියාත්මක වන අතර සුර්ය බලය මගින් ක්‍රියාත්මක වේ.
එමෙන්ම එහි ඇති දත්ත GPS තාක්ෂණය මගින් අනුරාධපුර ප්‍රධාන දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථානයට යවා ඒ ඔස්සේ රියදුරන් දැනුවත් කිරීමක් සිදුවේ.
දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, කැමරාවක් සවිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 20,000 ක පමණ වියදමක් වන අතර, සම්පත් දායකයන් සිටින විට තවත් කැමරා සවිකිරීමට හැකි වන බවයි.