රතන හිමිව අත්අඩංගුවට ගන්න CCDය රට පීරයි

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සොයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (08) සහ අද (09) දිනයන්හිදී කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල උන්වහන්සේ ගැවසෙනු ලැබීමට ඉඩ ඇති ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වෙයි.

එම ස්ථාන අතර විහාරස්ථාන සහ නිවාස කිහිපයක් ද ඇතුළත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

කෙසේ වෙතත්, එම කිසිදු ස්ථානයකට උන්වහන්සේ පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී නොමැති බැවින්, රටින් පලායාම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.

දකුණු පළාතේ විහාරස්ථාන කිහිපයක් සහ තට්ටු නිවාස සංකීර්ණ කිහිපයක පිහිටි නිවාස කිහිපයක උන්වහන්සේ සැඟව සිටීමේ ඉඩකඩ වැඩි බැවින්, එම ස්ථාන ගැන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මේ වන විට විශේෂ අවධානය යොමු කර තිබේ.

ආණ්ඩුව ගෙදර යවන කුමන්ත්‍රණයක්

ආණ්ඩුව ගෙදර යවන කුමන්ත්‍රණයක්

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බියගැන්වීම මගින් 2020 වසරේදී එම පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීම සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට නියමිතය.

පසුගිය කාලයේ යටගසා තිබූ මෙම විමර්ශනය නැවත ආරම්භ කර ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ පත්වීමත් සමඟ බව වාර්තා වේ.

ලංකාවේ නැවතත් මාරාන්තික රෝගයක් හිස ඔසවයි - එක් අයෙකුගේ තත්ත්වය බරපතළ

ලංකාවේ නැවතත් මාරාන්තික රෝගයක් හිස ඔසවයි - එක් අයෙකුගේ තත්ත්වය බරපතළ

කොළඹ අපරාධ කොට්ඨාසය තුළ මෙවැනි අපරාධ විමර්ශන රැසක් යටගසා තිබූ බවත්, ඒ සෑම විමර්ශනයක්ම මේ වන විට ආරම්භ කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.  

ඇතැම් අපරාධවලට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ සම්බන්ධකම් ද අනාවරණය වෙමින් පවතින බවත්, එවැනි අපරාධවලට සම්බන්ධ වූ නිලධාරීන්ට පසුගිය කාලයේදී පොලිස් ස්ථානාධිපති තනතුරු ලැබී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

රොකට් විතරක් නෙමෙයි රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ අභ්‍යවකාශයත් වෙන රටකට දීලා - අමාත්‍ය වසන්ත සමරසිංහ

රොකට් විතරක් නෙමෙයි රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ අභ්‍යවකාශයත් වෙන රටකට දීලා - අමාත්‍ය වසන්ත සමරසිංහ