ආණ්ඩුව ගෙදර යවන කුමන්ත්‍රණයක්
ආණ්ඩුව වැට්ටවීමට උප්පරවැට්ටි කුමන්ත්‍රණ සැලසුම් හදන්න උත්සාහ කරනු ඇතැයි ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.
නමුත් ඒවාට ඉඩ නොදෙන බවත් ඒ මහතා සදහන් කලේ ජන හමුවක් අමතමිනි.
වරප්‍රසාද කප්පාදු කරමින් හොරකම් අල්ලද්දී ජනතාව අවුස්සමින් ආණ්ඩුවේ ගමන අඩපන කිරීමේ උත්සාහයක ඇති බවත් ඒ මහතා එහිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර විපක්ෂය තවමත් ආණ්ඩුවේ පසුබෑම බලාපොරොත්තු වුවද එය කිසි දිනක ඔවුන්ගේ පාලන කාලයක් තුළ සිදුවන්නේ නොමැති බව ද ජනපති සඳහන් කළේය.