වැලිකඩ නෙවේ මොකේ දැම්මත් වැඩක් නෑ, මහින්ද අලුත්ගමගේ නලින් හිටපු කේ වාට්ටුවෙන් ෆෝන් හයක් හොයා ගෙන
Mahindananda Aluthgamage
Law and Order
Prisons in Sri Lanka
Sinhala news
Breaking News
By Kaushi
හිටපු අමාත්‍යවරුන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුව බන්ධනාගාර නිලධාරීන් විසින් හදිසි පරීක්ෂා කිරීමකට ලක්කර ඇත.
කෙසේ වෙතත් එම පරික්ෂාවේදී එහි තිබී ජංගම දුරකථන හයක් සොයා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
එසේම මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ මහින්ද ආනන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, එස්.එම් රංජිත්, දුමින්ද සිල්වා යන හිටපු මැති ඇමතිවරුන් රඳවා ඇති බවත් වාර්තා වේ.
එමෙන්ම එම කේ වාට්ටුවේ ඔවුන්ට අමතරව විදේශිකයන් කීපදෙනෙක් ද එහි රඳවා සිටින බවට බන්ධනාගාර මූලස්ථානය මඟින් ප්‍රකාශ කර ඇත.
