සියලුම පාරිභෝගිකයන්ට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධ පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා නව මාර්ගගත (Online) පද්ධතියක් හඳුන්වා දීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

මහ බැංකුවේ නියාමන රාමුව තුළ පැමිණිලි විසඳීමේ ක්‍රියාවලියේ වගවීම, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම පද්ධතිය පැය 24 පුරා ක්‍රියාත්මක වන බැවින් පාරිභෝගිකයන්ට ඕනෑම වේලාවක තම පැමිණිලි යොමු කිරීමටත්, ඒවායේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීමටත් අවස්ථාව හිමි වේ.

වාහන හීනය අමතක කරන්න කාලේ හරී - වාහන මිල සීග්‍රයෙන් ඉහළට

වාහන හීනය අමතක කරන්න කාලේ හරී - වාහන මිල සීග්‍රයෙන් ඉහළට

කෙසේ වෙතත්, පාරිභෝගිකයන් මුලින්ම සිය පැමිණිලි අදාළ මූල්‍ය ආයතනය වෙත යොමු කළ යුතු අතර, එහිදී සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් පමණක් මෙම නව පද්ධතිය හරහා මහ බැංකුව වෙත පැමිණිලි කළ හැකිය.

ලිපි ලේඛන මගින් සිදුවන ප්‍රමාදයන් අවම කරන මෙම පද්ධතියට https://reachus.cbsl.lk/ යන සබැඳිය ඔස්සේ පිවිසිය හැකි බව මහ බැංකුව නිවේදනය කරයි.

වසර 7කට පසු මේ ගණනින් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

වසර 7කට පසු මේ ගණනින් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

පැමිණිලි ඉදිරිපත් කිරීමේදී තොරතුරුවල නිවැරදිභාවය සහ අදාළ ලියකියවිලි අමුණා එවීම ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහායක් වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.