කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවක් දෙසැම්බර් 09 කැඳවීමට නියෝග
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුව, වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් 09 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.
නඩුව අද (28) දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.
එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, සහ හිටපු අධ්යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් 2015 ජනාධිපතිවරණය සමයේ, දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රු. 990,000/- වැය කිරීම සහ GI යකඩ බට 600 ක් මිලදී ගැනීම හේතුවෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින්, නඩුව ගොනු කර තිබේ.