හිටපු ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි ආදරණීය සැමියා සමගින් කරපු ප්‍රේමණීය ෆොටෝ ශූට්එක (PHOTOS)
පහුගිය කාලයේ පුරාවටම අපේ රටේ මෙන්ම ජාත්‍යන්තරයේද අතිශයින්ම කතා බහට ලක්වුණු කෙනෙක් තමයි ලෝක විවාහක රූ රැජින වූ කැරෝලයින් ජූරි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම 2019 දෙසැම්බර් 07වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ලෝක විවාහක රූ රැජින 2020 තරඟාවලියේ කිරුළේ හිමිකාරිනිය වූයේ ඇයයි. කොහොම නමුත් රෝසි සේනානායක මහත්මිය ලෝක විවාහක රූ රැජින තරඟය ජයග්‍රහණය කර වසර 35කට පසුව ලංකාවට කිරුලක අභිමානය දිනා ඇය දෙවසරකට ආසන්න කාලයක් මෙම කිරුල දැරුවා.
ඉතින් මේ සුරූපී නිරූපණ ශිල්පිනිය පහුගිය දවසක ඇයගේ ආදරණීය සැමියා වන නිශාන්වත් එකතු කරගෙන හරි අපූරු ප්‍රේමනීය ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ ආදරණීය සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන යෝෂිත ලියනගේ ඡායාරූප ශිල්පියා විසිනුයි.
ඉතින් ඒ වගේම කිරුල පැළඳ සිටි කාලයේ පමණක් නොව ඉන් පසුවද ඇය විශාල වශයෙන් සමාජ සේවා වැඩ කටයුතු සිදුකරමින් සිටිනවා. ඒ වගේම ඇයගේ සමාජීය කටයුතු අතරේ සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් ජටාව විලාසිතාවක් බවට පත්කිරීමට පෙරමුණ ගෙන තියනවා. ඒ අනුව ඇය විසින් ජටා බ්‍රෑන්ඩ් එක පසුගිය දවසක එළිදක්වලා තිබුණා.
කොහොම නමුත් මේ තාක් කවුරුත් දැකපු නැති මේ ආදරණීය යුවල එකතු වෙලා කරපු අලුත්ම ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ ආදරණීය පුංචි කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.