වෙඩි වැදුණු වැලිගම ප්‍රා.ස සභාපති ජීවිතක්ෂයට
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටියදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව අද (22) දින උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇත.
වෙඩි ප්‍රහාරයෙන් සභාපතිවරයා බරපතළ තුවාල ලබා තිබුණා.
අනතුරුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට අනාවරණය වී ඇත්තේ සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවයි.