අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් පීඩාවට - මෙන්න නවතම තත්වය
By Kanchana
ආපදා කමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 67 ක පුද්ගලයින් 9392 ක් පීඩාවට පත්වී ඇති බව සදහන් වේ.
එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු දැනට ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙන බව වාර්ථා වෙයි.
තවද පූර්ණ වශයෙන් නිවාස හානි වීම් 02 ක් සහ අර්ධ වශයෙන් වූ නිවාස හානි වීම් 377 ක් වාර්ථා වී තිබේ.
කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාලගුණ තත්වය නිසා ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවදානයෙන් සිටින ලෙසයි.