එල්.ටී.ටී.ඊ. බැදුණු පලවෙනි කාන්තාවට සැමරුමක්
උතුරේ ආරක්ෂක අංශ වාර්තා කරන ආකාරයට ඉන්දීය හමුදා ප්‍රහාරයකින් 1987 වසරේදී මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රථම කාන්තාව වන පේදුරුපිල්ලේ කැප්ටන් මාලති නමැත්තිය සිහි කරමින් උතුරු පළාතේ ස්ථාන කිහිපයක සැමරුම් පවත්වා ඇත.
අඩම්පන් ආන්දන්කුලම් ප්‍රදේශයේ දී, කිලිනොච්චි නගරයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි කාර්යාලයේදී, ධර්ම පුරම් උත්සව ශාලාවකදී මෙම සැමරුම් සිදු කර ඇති අතර අඩම්පන් සැමරුම් මිය ගිය කාන්තාවගේ වැඩිමහල් සොහොයුරියගේ නිවෙසේදීත්, කිලිනොච්චි සැමරුම කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපති අරුණාචලම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ධර්ම පුරම් සැමරුම ධර්ම පුරම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සංමුගරාසා ජීවරාසා අයගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.
කැප්ටන් මාලති නමැත්තිය 1987 වසරේ ඔක්තෝබර් 10 වැනිදා ඉන්දීය හමුදා ප්‍රහාරයකින් මිය ගොස් ඇති අතර සැමරුමේදී මාලති යන අයගේ ඡායාරූපයකට මල් මාලා පලඳා පහන් දල්වමින් සැමරුම සිදුකර ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.