ජනාධිපති අපේක්ෂකයකු දේශපාලන සරණාගතභාවය පතා රහසේම රටින් පිටවේ..

By Piyumika Sep 08, 2024 08:21 AM GMT
Report

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ වෙනිසුවෙලා විපක්ෂ අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එඩ්මින්ඩෝ ගොන්සාලේස් දේශපාලන සරණාගත බව පතා ස්පාඤ්ඤය වෙත ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඡන්ද පත්‍රිකා බෙදන්න ගිහින් දුර දිග ගිය කතා බහ රෝහලෙන් නවතී..

ඡන්ද පත්‍රිකා බෙදන්න ගිහින් දුර දිග ගිය කතා බහ රෝහලෙන් නවතී..

වෙනිසුවෙලා රජය පවසා ඇත්තේ ගොන්සාලේස්ට රටින් පිටවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දුන් බවයි.

ජූලි මස පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ජයග්‍රහණය ලැබු බවට සහ මැතිවරණ ප්‍රතිඵල අසත්‍ය බවට චෝදනා කරමින් ප්‍රකාශ නිකුත් කළ ගොන්සාලේස් අත්අඩංගුවට ගැනීමට වෙනිසුවෙලා අධිකරණය වරෙන්තු ද නිකුත් කර තිබුණා.

මොන දේ කළත් දෙමව්පියන් තමා දරුවන්ගේ මුළු ලෝකයම - ඇසට කදුළක් උනන සංවේදී කතාවක්..

මොන දේ කළත් දෙමව්පියන් තමා දරුවන්ගේ මුළු ලෝකයම - ඇසට කදුළක් උනන සංවේදී කතාවක්..

කෙසේ වෙතත් වෙනිසුවෙලා උප ජනාධිපතිවරයා පවසන්නේ, අධිකරණයෙන් සැඟව සිටි ගොන්සාලේස් එරට පිහිටි ස්පාඤ්ඤතානාපති කර්යාලය හරහා ස්පාඤ්ඤයේ දේශපාලන සරණාගත බවට ඉල්ලුම් කර ඇති බවයි‍.

 ඒ අනුව ආරක්ෂිතව රටින් පිටව යාමට ගොන්සාලේස්ට වෙනිසුවෙලා රජය අවසර දී ඇති අතර ඔහු ස්පාඤ්ඤය වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.