මොන දේ කළත් දෙමව්පියන් තමා දරුවන්ගේ මුළු ලෝකයම - ඇසට කදුළක් උනන සංවේදී කතාවක්..

By Piyumika Sep 08, 2024 07:10 AM GMT
Report

මතට ඇබ්බැහි වූ මාපියන්ගෙන් නිසි රැකවරණයක් නොලැබීම නිසා ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානය මගින් අධිකරණයට ඉදිරිපත් ‌ කොට හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ ළමා නිවාසයකට භාරදී තිබූ නව හැවිරිදී පාසැල් දරුවෙකු ඉන් පලාවිත් සිය පියා සොයා යමින් සිටියදී පොලිසිය මගින් සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පැවසීය.

පුතාගේ මරණය තාත්තා වීඩියෝ ගත කල හැටි...(VIDEO)

පුතාගේ මරණය තාත්තා වීඩියෝ ගත කල හැටි...(VIDEO)

මෙසේ භාරයට ගෙන ඇත්තේ බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකුය.

මත්තේගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් මත්තේගොඩ හන්දිය අසල රාත්‍රි ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී කුඩා දරුවෙකු රාත්‍රී 08.30 පමණ තනිවම මාර්ගයේ ගමන් ගන්නා අයුරු දැක තිබේ.

ඡන්ද පත්‍රිකා බෙදන්න ගිහින් දුර දිග ගිය කතා බහ රෝහලෙන් නවතී..

ඡන්ද පත්‍රිකා බෙදන්න ගිහින් දුර දිග ගිය කතා බහ රෝහලෙන් නවතී..

පසුව එම නිලධාරියා මෙම දරුවා නවතා තොරතුරු විමසීමේදී මෙම තොරතුරු හෙළිකොට තිබේ.