2030 වන විට පිළිකා රෝගීන් දෙගුණයකින් ඉහළට ...
අද (18) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් පිළිකා රෝගය හා එහි ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන් කළේ, ලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බවයි.
පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය එලෙසින් වර්ධනය වුවත් දැනුවත් භාවය තුළින් එය සැලකිය යුතු තත්ත්වයක් දක්වා පාලනය කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.
එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරිය වර්ෂ 2018දී ලක්ෂ 96ක් වූ පිළීකා රෝගී මරණ ගණන වර්ෂ 2030දී එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වනු ඇති බවට සෞඛ්‍ය අංශ අනුමාන කරන බව ද කීවාය.
එමෙන්ම, පුරුෂ පාර්ශවය අතර බහුලව ව්‍යාප්ත වන මුඛ පිළිකා බුලත් විට සැපීම හේතුවෙන් වැළදෙන බව පෙන්වා දුන් වෛද්‍යවරිය, දුම්පානය හේතුවෙන් පෙණහළු ආශ්‍රිත පිළිකා වර්ධනය වන බව කීවාය.
තවද, මත්පැන් හා අනිකුත් අහිතකර ආහාර පාලනය කිරීම මගින් ගලනාලය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා අවම කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.
මෙහි දී, වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළ ඇන්තනි මෙනෙවිය සඳහන් කළේ, මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුලුව පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල්වල සිදුකරන ප්‍රතිකාර වලට අමතරව පිළිකා රෝගීන් වෙනුවෙන් අමතර ඖෂධ ලබාදීම, ආහාර සහිතව නේවාසික පහසුකම් ලබාදීම, මහජනයා දැනුවත් කිරීම ඇතුලු වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා සංගමය මගින් සිදුකරන බව ය.
