ඉන්දීය විදේශ කටයුතු ඇමති අනිද්දා දිවයිනට...
By Parami Dissanayake
අනිද්දා (20) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
එමන් ම, ආරංචි මාර්ග කියා සිටින්නේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.