13 වසරකට පසු අලි සංගණනයක්...
By Parami Dissanayake
වසර 13 කට පසුව මේ වසරේ අගෝස්තු මාසයේ දී අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
සෑම වසර 10 කට වරක් අලි සංගණනයක් පැවැත්වෙන අතර, අවසන් වරට පැවැතියේ ඉකුත් 2011 වසරේදීය.
ඉන් අනතුරුව 2021 වසරේදී ද අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ ද, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, මේ වසරේ අගෝස්තු මස 19 වැනිදාට යෙදෙන පොහොය දිනයද ඇතුළත්ව දින 02 ක් තුළ මෙම සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
එමෙන් ම, මෙම සංගණනය සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සහායද ලබා ගැනීමට නියමිත බව සඳහන් ය.