කැනඩාව ඩිජිටල් සේවා බද්ද අවලංගු කරයි

By Hashini Jun 30, 2025 10:45 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකාව සමග ඇණහිට ඇති වෙළෙඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ අරමුණින් කැනඩාව අමෙරිකානු තාක්ෂණ සමාගම් ඉලක්ක කරගනිමින් පැනවූ ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි.

අදාළ ඩිජිටල් සේවා බද්ධ කැනඩාව විසින් අවලංගු කරන බවත් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජූලි 21 වැනි දින වන විට වෙළෙඳ ගනුදෙනුවකට එකඟවීමේ අරමුණින් නැවත සාකච්ඡා ආරම්භ කරන බවයි කැනේඩියානු මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.

මහින්ද එහෙම දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ - මල්වතු පාර්ශ්වය සමාජ මාධ්‍ය වදන්වලට පිළිතුරු දෙයි

මහින්ද එහෙම දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ - මල්වතු පාර්ශ්වය සමාජ මාධ්‍ය වදන්වලට පිළිතුරු දෙයි

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා තීරණය කරන ලද්දේ ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමත් සමගය.

ඊට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් කැනඩාවට චෝදනා කරන ලද්දේ අමෙරිකානු තාක්ෂණික සමාගම්වලින් ඩිජිටල් සේවා බද්දක් අය කර ගැනීමට කැනඩාවේ තීරණය අමෙරිකාවට සෘජු හා පැහැදිලි ප්‍රහාරයක් වන බවය.

චීනයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

චීනයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්