මේ තරම්වත් ඡන්දය ගන්න බැරිනම් ඇප මුදල් රාජසන්තකයි..!

Election Commission of Sri Lanka Election Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 11, 2024 04:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29කි. බදාදා (14) දහවල් 12ට අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන අවසන් වීමට නියමිතය.

ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්නේනම් මෙවර මැතිවරණය සඳහා වැයවන මූදලද ඉහළ යනු ඇති බවයි, මැතිවරණ කොමිසම පවසන්නේ.

1994 වසරේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයෙකු ලබාගෙන ඇති ඉහළම ඡන්ද ප්‍රතිශතය සියයට 4.08කි.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක මහතා විසින් 2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතයයි. ආසන්නතම ජනාධිපතිවරණය වන 2019 වසරේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව අතිරේක අපේක්ෂකයින් 33 දෙනාටම ලබාගත හැකිවූයේ 2.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණී.

ඒ අනුව 2%ක වත් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි ඉතිරි අපේක්ෂකයින් සියලුදෙනාගේම ඇප මුදල් සියල්ල රාජසන්තක වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැහැදිලි කළේය.

ජනපතිවරණයට තවත් ප්‍රබලයෙක් එක්වෙයි..දැඩි අභියෝගයක්..

ජනපතිවරණයට තවත් ප්‍රබලයෙක් එක්වෙයි..දැඩි අභියෝගයක්..

ReeCha