ජනපතිවරණයට තවත් ප්‍රබලයෙක් එක්වෙයි..දැඩි අභියෝගයක්..
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු ඒ බව පැවසීය.
මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සහය ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඇය ඒ බව පැවසුවේ අද (11) උදෑසන කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර, අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක තත්ත්වයට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.
මේ අතර, අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක තත්ත්වයට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (10) සමගි විහිදුම් බළගණයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්. විපක්ෂනායකවරයා අවධාරණය කර සිටියේ, අපි විවිධ ජාත්‍යන්තර ආයෝජන හරහා මෙරට ඇති අසාර්ථක ව්‍යාපෘතී සාර්ථක ව්‍යාපෘති බවට පත් කරන්න තමා මෙන්ම තමාගේ කණ්ඩායම සුදානම් බවයි.
හම්බන්තොට සංවර්ධනයෙන් බබලන තත්ත්වයට පත්කරන බව ද ඔහු මෙහිදී කියා සිටියා.
එමෙන්ම මගේ කණ්ඩායම තුළ සිටිනවානම් මැති ඇමැතිකම් වැනි තනතුරු කියන්නේ රෝස මල් යහනා බව කවුරුන් හෝ සිතා සිටින්නේනම්, ඒ අයට දැන්මම කියන්නේ ඒ දේ හිතින් අත්හැර ගන්න කියා විපක්ෂයනායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණයෙන් කියා සිටියේ ය.